ලාක්ෂා කර්මාන්තය( Laaksha Industry )
ලාක්ෂා කර්මාන්තය ඇත අතිතයේ සිට ජපානය චීනය තායිලන්තය බුරුමය ආදී රටවල පැවති බවට ඉතිහාසය සාක්ෂි දරයි. එය ලංකාවට හිමි වුයේ උතුම් ජය ශ්‍රි මහා බොධීන් වහන්සේ රැගෙන ලංකාවට පැමිණි සංඝමිත්තා මහරහතන් තෙරණිය සමග පැමිණි සු විසි වැදැරුම් කලා කරුවන් ගෙන් බවට ඉතිහාසය සාක්ෂි දරයි. බොධිවංශයට අනුව ලාක්ෂා කාර්මිකයින් ඒ සමග පැමිණි බවත් පසු එය දේශීය පාරම්පරික කලා කර්මාන්තයක් බවට පත් වූ ආකාරයත් පෙන්වා දෙයිඒ සදහා අතිත රජ දරුවන් ගේ නොමද අනුග්‍රහය ලැබුණු බවත් කර්මාන්ත ප්‍රදේශයක් ඇතිකර ඒ සදහා ප්‍රධානියෙක් පත්කල බව සදහන් වේ. එලෙස ඇතිකල ප්‍රදේශය "හංගිඩි වසම " ලෙස හදුන්වන අතරම ලාක්ෂා කාර්මිකයින් "ඊ වඩුවන්" ලෙස හදුන්වනු ලැබු බව ට මෙමෙ කර්මාන්තය පිලිබදව අතිත තොරතුරු ගවේෂණය කිරිමේදි අපිට පැහැදිලි වේ.
ඉන් නොනැවතී ලංකාවේ පාරම්පරික ලාක්ෂා කර්මාන්තය පිලිබදව සැලකිමේදී මෙම කර්මාන්තයේ ප්‍රධාන අමුද්‍රව්‍ය ලාක්ෂා වන අතරම මෙම අමුද්‍රව්‍ය ලබා ගනු ලබන්නේ ලාක්ෂා නම් කෘමියාගේ ශරිරයෙන් පිටවෙන ඇලෙන සුලු දව්‍යයකිනි. ප්‍රධාන වශයෙන් ලාංකික ශිල්පීන් වර්තමානයේ ලාකඩ වෙලද පල තුලින් මිලදී ගෙන තම භාණ්ඩ නිශ්පාදනය කලත් අතීත කාර්මිකයින් ප්‍රධාන වශයෙන් දේශීය එදිනදා හමුවෙන ශාක ආශ්‍රිතව තම නිශ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනිමට උන්සුක වූහ එහිදී ඔවුන් අමුද්‍රව්‍ය ලබා ගත් ආකාර පිලිබදව විමර්ශනය කිරිමේදි කැප්පෙටියා හෙවත් කෝන් ලාක්ෂා -කැප්පැටියා,කෝන් ,හිගුරු ආදී ශාක වලින් ලබා ගනීඑලෙසමතලකිරියා ලාක්ෂා -තලකිරියා නම් ශාකයෙන් ලබා ගෙන ඇත. එලෙස සපයා ගන්නා ලාක්ෂා එම ශාක වල අතු හා රිකිලි මත තැන්පත් වෙයි. එම අතු රිකිලි කපා රැගෙන විත් අවුවේ වියලා ලාටු ඇති කොටස් වානේ දමා කොටා සිහින්වට කොටා කුඩු කර ගන්නා අතර ඉන් පසු ඒවා සිනිදු රෙදි කඩක ගැට ගසා ලිපට ඉහළින් එල්ලා රත්කරන ලදී. එවිට පෙරෙන ලාකඩ කූරක ඔතා ගනී. පසුව අවශ්‍යතාව අනුව නැවතත් රත් කරගෙන භාවිතයට ගනු ලබයි. මෙලෙස නිශ්පාදනය කරන ලාක්ෂා වර්ණ ගැන්විම සදහා අතිතයේ විවිධ ක්‍රම භාවිත කර ඇත එහිදී ඔවුන් දේශීය අමුද්‍රව්‍ය භාවිත කර ඇති අතර වර්ණ සදහා. රතු -සාදිලිංගම් කුඩුකහ-හිරියල්කළු-පහණ් දැලි/කැකුණ දැලිකොළ- හිරියල් කහ සමග මිශ්‍ර කිරිම මගින් වර්ණ ලබා ගෙන ඇත.වර්තමානයේ වර්ණ වෙලද පල තුලින් මිලදී ගෙන නිර්මාණ කරනයේ යෙදී සිටිනු දකිනු හැකිය. මෙලෙස නිර්මාණය කරනු ලබන භාණ්ඩ අලංකාර කරනය සැලකිමේදී ප්‍රධාන ආකාර දෙකකට සිදු කරනු ලබන අතරනියපොතු ආධාරයෙන් අලංකාර කිරිම - වර්ණ ගන්වන ලද ලාක්ෂා ගිනියම් කරන ලද ගල් අගුරු භාජනයක ඉහළින් අල්ලා රත්කර එකවර නියපොතු දෙකකින් ඇදීමට ලක්කිරීම මගින් ලාක්ෂා නූල් සාදා ගැනීම සිදු කරනු ලබන අතර එසේ නිර්මාණය කරන ලාක්ෂා කෙන්ද ගෙන ලාක්ෂා ආලේප කල භාණ්ඩ ගින්නට අල්ලා රත් කරමින් ඒ මත් නූල තබමින් නිය පොත්තෙන් කඩා හැඩ දමමින් මෝස්තර නිර්මාණය කර ගැනීම සිදු කරන අතර අවසානයේ පුස්කොළයක් ආධාරයෙන් මැද ඔප දැමීම සිදු කරයි.
ලාක්ෂා නිර්මාණය |
පට්ටල් ආධාරයෙන් නිර්මාණය සිදු කිරිම- භාණ්ඩ පට්ටලයේ සවිකර වැලි කඩදාසියකින් ඔප දැමීම සිදුකර පට්ටලය ක්‍රියාත්මක කර වර්ණ ගැන්වූ ලාක්ෂා කැබලි භාණ්ඩයේ මතු පිට පෘෂ්ඨයට තද කිරිම සිදු වේ..එවිට රත් වී උණුවන ලාක්ෂා තට්ටු කිහිපයක් භාණ්ඩය මත ආලේප කර අවසානයේ පොල් තෙල් තැවරු රෙදි කැබැල්ලකින් ඔප දැමීම සිදු වෙයි. අනතුරුව කැටයම් කටු යොදා ගනිමින් කැටයම් නිර්මාණය කිරිම ආරම්භ කරන අතරම භාණ්ඩයේ මුලින්ම ආලේප කල වර්ණය මතු වන සේ මතුපිට වර්ණ සූරා සැරසිලි කිරිම මෙහිදී සිදු වේ.
මෙලෙස සැරසිලි කිරිමේදි භාවිත කරන මෝස්තර අතර බෝපත්,හවඩිය,දියරැල,දෙපට ලණුව ආදී මෝස්තර භාවිතයට ගනු ලබන අතරම බුලත් තට්ටු ,වටාපත්,බීරලු,සේසත්,ආදිය මෙලෙස රටා දමා නිශ්පාදනය කල භාණ්ඩ වෙයි. මේ සදහා බලංගොඩ -පල්ලේ කන්ද මහනුවර -පාත දුම්බර (හූරි කඩුව)තංගල්ල-අගුල් මඩුවමාතලේ-හපුවිද ආදී ප්‍රදේශ අතිතයේ සිට නම් දරා සිටින ප්‍රදේශ වෙයි.
Comments
Post a Comment