පැදුරු (Mats)

 පැදුරු (Mats) මැට්ස් හෙවත් කලාල ශ්‍රි ලාංකික අපිට ආවේණික  කර්මාන්තයක්  ලෙසට හදුන්වා  දිය හැකි අතරම ඈත අතිතයේ සිටම උඩරට මෙන්ම පහත රට ප්‍රදේශයේ ද පැතිර තිබූ බව අතීත් පොත් පත් පරිශීලනය කිරිම තුලින් අපිට සොයා ගත හැකි විය. මෙමෙ කර්මාන්තයේ ආරම්භක ස්ථානය ලෙස සදහන් වන්නේ මහනුවර දබර මැණික්හින්න හේනාවල නම් ස්ථානය  වන අතරම එම ගම වර්තමානයේ  දී කලාසිරිගම ලෙස හදුන්වනු  ලබයි. පහත රට  ප්‍රදේශ වල පැදුරු  කර්මාන්තය  පිලිබදව  විමසීමේදී  ලිඛිත සාක්ෂි  නැතත් එම ප්‍රදේශ වලද පැදුරු  කර්මාන්තය  පැවැති බවට පරම්පරා ගත් මුඛ සාක්ෂි කදිම  නිදසුන් සපයයි. ලංකාවේ පැදුරු කර්මාන්තය පිලිබදව  අධ්‍යනය කිරිමේදි දුම්බර කලාල කැපි පෙනෙන සේවාවක්  ඉටුකර ඇත. එහිදී  ඔවුන් තම නිර්මාණය කරගෙන යැම සදහා මාධ්‍ය ලෙස නියද කෙදි හෝ හණ පන් ආදී දේශීය  අමුද්‍රව්‍ය භාවිත කර තම භාණ්ඩ ඉදිරිපත්  කර ඇත. මෙලෙස නිශ්පාදනය කරන උඩරට දුම්බර ප්‍රදේශයේ කලාල කින්නර පැදුරු  හෙවත් කින්නර කලාල ලෙස හැදින්වෙන අතර ඒවා කොටස්  තුනකට වර්ග කල හැකිය

*පන්නම් කලාල (දුම්බර පැදුරු )සරල ජ්‍යාමිතික සැරසිලි මගින් අලංකාර කර ඇත

*වැඩ කලාල (මිශ්‍ර සැරසිලි  සහිත )ජ්‍යාමිතික මොස්තර හා මල් ආශ්‍රිත  නිර්මාණ  වලින් අලංකාර  කර ඇත

*කුරුලු කලාල (කුරුලු සැරසිලි සහිත ) කුරුල්ලන් මල් හා සත්ත්වයින් යොදා අලංකාර  කර ඇත් 

මේ ආදී වශයෙන්  යොදා ඇති රටාව අනුව පැදුරු  කොටස්  තුනකට  වර්ග කර දක්වා ඇත්.පැදුරු නිශ්පාදනය කිරිමේදි  ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් අනුගමනය  කර ඇති බව අධ්‍යනය කිරිමේදි  අපිට  පැහැදිලි  වූ අතර එහිදී අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරන නියද පත්‍රවල මාංශමය කොටස නියද පෝරුවේ දමා සූරා ඉවත් කර සිනිදු දීප්තිමත් කෙදි ලබා ගැනීම  හා නියද පත්‍ර මඩේ දමා මාංශමය කොටස මඩේ දිය වීමට හැර ඉතිරි වූ නියද  කෙදි  ලබා ගැනීම අනික් ක්‍රමයයි. මේ ආකාරයෙන් ලබා ගන්නා නියද කෙදි විවිමේ දී "ඉද්ද" හා "හැදගත්"  නම් උපකරණ  ඔවුන් භාවිත  කර ඇති බව අධ්‍යනය  කිරිමේදි  අපිට  අපිට පැහැදිලි  විය .මෙලෙස  නිශ්පාදනය  කරන ලබන කෙදි වර්ණ ගැන්වීම සදහා රතු වර්ණය -පතගි ලී කැබලි කොර කහ සමග තල තෙල් මිශ්‍ර කර නියද කෙදි යොදා  තැම්බිමෙන් දකහ පැහැය-  වෙනිවැල්ගැට සමග නියද කෙදි යොදා තම්බා ගැනිම  මගින් පැහැය ලබා ගැනීම සිදු කරනු ලබයි. මෙහි ඇති විශේෂ  ලක්ෂණයක්  නම් භාණ්ඩ නිශ්පාදනය පෙර කෙදි වර්ණ ගැන්වීම සිදු කිරිමයි. මෙලෙස නිශ්පාදනය කරන  භාන්ඩ අතර පහත වියමන් කැපි පෙනෙයි. දෙපට  ලණුව තනිපට ලණුව වංක ගිරියආදී වියමන් මෝස්තර  කැපි පෙනෙයි... එලෙසම පන් පැදුරු  කර්මාන්තය පිලිබදව සැලකිමේදී ලංකාවේ සෑම ප්‍රදේශයකම පැතිර තිබූ බවට ඉතිහාසගත පුරාවෘත්ත සාක්ෂි දරයි .රජ මාලිගාවකට පැදුරු සැපයු නැන්දා හා ලේලියගේ හබය මුල් කරගෙන ඉතා රසවත් ජනකවි නිර්මාණය වී ඇත. එලෙසම  වර්තමානය  පිලිබදව සැලකිමේදී  පහත රට ඇතැම් ප්‍රදේශ වල අදටත් පැදුරු  කර්මාන්තයේ  නියැලෙන පිරිස් පිලිබදව  දැකිය හැක. සිංහල ගැමි ජිවිතය හා මනා සම්බන්ධතාවක් ඇති භාණ්ඩයක්  ලෙස ද පැදුරු  හදුන්වා  දිය හැකිය..එලෙසම ජලය ආශ්‍රිතව  වැවෙන ශාකයක් වන පන් අතිතයේ  සිටම  පන් වැවිම සදහා වෙන් කර තිබූ භූමි  පිලිබදව  ඉතිහාසය සාක්ෂි දරයි.ඒ අනුව මීගමුව  කොටදෙනියාව අසල් දියගම්පල පන් විල ඒ සදහා  කදිම  නිදසුන්  සපයයි. සපයා ගන්නා ලද පන් අලු යොදා අවුවේ වියලා තුනට ඉරා පන් කටුවේ මිටෙන් හෝ ලී පතුරකින් මැදගනු ලබයි. ඉන්පසු  සායම් පොවා වියලා ගැනිමෙන් අනතුරුව  භාවිතයට  ගනු ලබයි. මෙලෙස  වර්ණ ගැන්විමේදි ප්‍රධාන වශයෙන්  රතු ,කළු ,කොළ ,කහ ,නිල් ,දම්‍ යන වර්ණ භාවිත  කර ඇත. අතිතයේ  එලෙස උවත් වර්තමානයේ සායම් වෙලදපල තුලින්  ලබා ගැනීම සිදු කරයි. මෙලෙස  නිර්මාණය  කරන භාණ්ඩ  අතර පැදුරු වට්ටිපෙට්ට්මලුහැදි ආනආදි භාණ්ඩ නිර්මාණය  කරන ලදි. එලෙසම එසේ නිශ්පාදනය කරන භාණ්ඩ  සැරසිලි  කිරිමේදි  මකුළු රටාව නයි පොරේ රටාව මුව රටාවඅටමගල රටාවකදුරු මල් රටාව ආදී සැරසිලි මෝස්තර භාවිතයට යොදාගෙන ඇත. අද වන විට පැදුරු  කර්මාන්තය  කළුතර ගම්පහ රත්නපුරේ  ගාල්ල  යන ප්‍රදේශ වල සුලු වශයෙන්  දැකිය හැකිය .



                                                  Source: Photo by Wikimeda  

Comments