පාරම්පරික වෙස් මුහුණු(Masks)

          




   මාස්(ක්) නැතිනම් වෙස්  මුහුණු කියන්නේ ලොකු කුඩා කවුරුත් එකසේ ප්‍රිය කරන පාරම්පරික කලා සැරසිල්ලක් එලෙසම ලංකාව  විදේශීය ආයෝජන  මෙන්ම  විදේශිකයන්ගේ සිත් ඇද බැද තබා ගන්නා අලංකාර  කලා සැරසිල්ලක්.

බොහෝ දෙනෙක් ප්‍රිය  කරන මෙම කර්මාන්තයේ සුල මුල සොයා යැමට ඒ සදහා ප්‍රසිද්ධියක් උසුලන ගම්පහ විගොඩ ප්‍රදේශයේ  සංචාරය කර ලබා ගත් තොරතුරු  මෙම  ලිපියේ  අන්තර් ගත වේ.

දඩයම්කාර දිවි පෙවතක් ගත කරපු අතිත ජනතාව  වන සතුන්ගෙන් වන හානි අවම කර ගැනිමට මෙන්ම  ඔවුන් බිය වද්දා පලවා හැරිමට වෙස් මුහුණු  භාවිත කර ඇත.මීට අමතරව ජපානය ,කොරියාව ,ඉන්දියාව වැනි රටවල් වල මෙන්ම  මෙක්සිකෝවේ  මෙක්සිකෝ ග්‍රෝත්‍රිකයන් ද තම පුද පූජා හා ඇදහිලි  සදහා වෙස් මුහුණු භාවිත  කර ඇත..

මෙලෙස ඉතිහාසයක් ඇති වෙස් මුහුණු නිශ්පාදනය වන ආකාරය  සැලකිමේදී ඒ සදහා  බහුල  වශයෙන්  වර්තමානයේ කදුරු ලී භාවිත  කරන  ආකාරය  තමයි අපිට දැක ගැනිමට ලැබුනේ .එහෙත් අතිත  කාලයේ මේ සදහා  රුක් අත්තන ,එරබදු  වැනි ලී වර්ග භාවිත  කර ඇති බවට අතිත වග තුග සොයා යැමේදී අපිට සොයා ගත හැකි විය.

මෙලෙස වර්තමානයේ  කදුරු ලී යොදාගෙන නිර්මාණය කරන ප්‍රධාන පියවර කිහිපයක්  පිලිබදව අපිට අසා දැනගත් හැකි විය.

ප්‍රථමයෙන්  සපයාගෙන ඇති කදුරු ලීයේ පොතු ඉවත් කර නිර්මාණයට අවශ්‍ය පරිදි  කැබලි වලට කපා වෙන් කර ගැනීම පලමු පියවර වන අතර ඉන් අනතුරුව ලී කොටය සිරස් අතට පැත්තකට බර සිටින සේ සිටවා තබයි මෙම පියවර  ''ගණ කැපීම'' ලෙස හදුන්වනු ලබයි..

අනතුරුව  ලී කොටයේ ගැට ඉවත් කොට නිර්මාණය අවශ්‍ය පරිදි සකසා ගැනීම සිදු කරයි මෙලෙස ලී කොටයේ ගැට ඉවත් කිරිම "පායම් පැහීම" ලෙස හදුන්වනු ලබන බව සංචාරය  අතර තුර අසා දැන ගැනීමට අපිට හැකිවිය .

මිලග පියවර  වනුයේ මෙලෙස සකසා ගත් ලී කැබැල්ලේ ඉන් අනතුරුව  අගුරු කැබැල්ලකින්  හෝ කළු නූලකින්  නිර්මාණයට අවශ්‍ය හැඩය මතුකර  ගැනීම  සිදු කරයි.

ඇතැම් අවස්ථාවල මුහුණු නිර්මාණය කිරිමේදි  කදන් කිහිපයක්  භාවිතයට යොදා ගනු ලබයි, එහිදී ඒ මත් මෝස්තර  සටහන් කිරිමට අවශ්‍ය  නිසාත් පිරිසිදු කිරිම හා පදම් කිරිම  පහසු නිසාත් පවනේ වේලා ගැනිම වෙස් මුහුණු ශිල්පීන් විසින් වර්තමානයේ සිදු කරනු ලබයි.කදුරු ලීයේ කිරි ගතිය අදික නිසා මෙලෙස කර ගැනිම අත්‍යවශ්‍ය වන අතර එය "කිරි හිදවීම" ලෙස හැදින් වේ. එහෙත් අතිතයේ මේ සදහා  කිහිප වතාවක්  දුමේ දමා දුම් ගැසීම සිදු කර ඇති බවට තොරතුරු  සොයා ගත හැකි විය.

මීලග පියවර  වනුයේ  මුහුණේ සියුම් හැඩ මතුකර  ගැනීම හෙවත් "ලකුණු කැපිම"  භාවිත කරන්නාගේ මුහුණට සරිලන  ලෙස සිදුරක් සකසා ගැනීමයි.අනතුරුව  පවනේ වේලා ගැනීම හෝ දුම් ගැසීම සිදු කරනු ලබයි..අනතුරුව  උදා වන්නේ වෙස් මුහුණ  වර්ණ ගැන්වීම හෙවත් සිත්තම් කිරිමයි..මෙහිදී වර්තමානයේ  නම් ඒ සදහා ඉමල්ෂන් තීන්ත වර්ගයක් හෝ ලැකර් වර්ග භාවිත් කලත් අතිතයේ මේ සදහා  කිරි මැටි හෝ මකුළු මැටි දියකර  පෙරා ආලේප කර ගැනීම සිදු කර ඇත. මෙලෙස  මුල් වරට වෙස් මුහුණ මත තවරන ආලේපනය "අල්ලියාදු"ලෙස හැදින් වේ..අනතුරුව  නැවතත්  මදපවනේ වියලීමට  තබයි ඉන් අනතුරුව  අවශ්‍ය  වර්ණ යොදා ගනිමින් වෙස් මුහුණ  වර්ණ ගැන්විම ආරම්භ  කරනු ලබන අතර වර්තමානයේ  නම් ලැකර් හෝ ඉමල්ෂන්  තීන්න ඒ සදහා බහුල ලෙස භාවිත  කරන බව අපිට පෙනි  ගිය අතරම අතිතයේ ඒ සදහා දොරණ තෙල් ආදිය  භාවිතයට  ගෙන ඇත.වර්ණ පිලිබදව සැලකිමේදී  ඔවුන්පාෂාණ වලින්  කහ වර්ණයගුරුගල් වලින් රතු වර්ණයමකුළු මැටියෙන් සුදු වර්ණය සාදිලිංගම් වලින් රතු වර්ණ ලබා ගෙන ඇති බව ප්‍රදේශයේ  ජිවත් වන වැඩිහිටි පුද්ගලයකු අපි සමග සාකච්ඡා කිරිමේදි අපිට දැනගත හැකි විය ..මීට අමතරව  කුඩා ප්‍රමානයේ මුහුණු  කැට මුහුණු  ලෙසද  එම එක කොටයකින් සැදිය හැකි බව මෙන්ම රජ මුහුණු  රාක්ෂ මුහුණු  වල දත් රැවුල් ආදිය  වෙන වෙනම කපා මුහුණු මත ඇලවීම හෝ සවි කිරිම  සිදු කරන අතරම  ඔටුනු  වෙනම සාදා වැද්දීම කරනු ලබන බව දැන ගත් හැකි විය.

අවසාන වශයෙන්  අපිට දැන ගැනීමට හැකි වූයේ මෙලෙස  විශාල  කාලයක් හා ශ්‍රමයක් වැය කරමින් නිර්මාණය  කරන ලබන වෙස් මුහුණු  වලට දේශීය වශයෙන් ඇති ඉල්ලුම  පහල ගොස් ඇති බවය..ඊට ප්‍රධානම හේතුව වශයෙන්  ඔවුන් පෙන්වා දෙන්නේ විදේශීය  ප්ලාස්ටික්  ආශ්‍රිත  වෙස්මුහුණු දේශීය වෙලද පල ආක්‍රමණය  කර  තිබිමයි.එම නිසා හැකි  සැම විටම දේශීය  දේ අගය කරමින්  අපී අපේ අනන්‍යතාව  රැකගෙන ඒවා භාවිතයට හා ප්‍රවර්ධනයට යොමු වීමට ආරාධනා කරමින් අපේ සංචාරය  අදට නිමා කරනවා. හමුවෙමු නැවතත් වෙස්මුහුණු වර්ග පිළිබඳ  තවත් හරබර ලිපියකින්.

Comments