වෙස්මුහුණු වර්ග.

 වෙස්මුහුණු  එහෙමත් නැතිනම් මාස්(ක්) ඔබ අප කවුරුත් ආස කරන දේශීය අගනා කලා නිර්මාණයක්ඉ. තින් අප අද මේ ලිපියෙන් ඔබට කියා දීමට බලාපොරොත්තු වන්නේ  වෙස්මුහුණු වර්ග පිලිබද තොරතුරු.


ඔයා මුල් වරට  මෙමෙ ලිපිය පරිශීලනය කරනවා නම් වෙස්මුහුණු  පිලිබදව  සංචාරය කර අප ලබා ගත් තොරතුරු ඇතුලත්  පලමු ලිපියෙහි තොරතුරු  සමග මෙමෙ ලිපිය  කියවන ලෙස කරුණාවෙන් ඉල්ලා  සිටිමු.


එහි සබැඳිය:-https://srilankasouvenirs.blogspot.com/2021/06/masks.html

ඔබ වෙලදපල තුල ඇවිදින විට නොයෙක්  වර්ගයේ වෙස්මුහුණු  කොතරම්  දැක තිබුනත් එම මුහුණු  එකිනෙකට වෙනස්   විවිධාකාර  බව ඔබ නිරික්ෂනය කර ඇති බවට අප විශ්වාස  කරන්නෙමු.

මෙලෙස එකිනෙකට  වෙනස් වෙස්මුහුණු වල උපත් පිලිබදව  සැලකිමේදී  අපගේ පැරණි  ශාන්ති කර්ම වල  ඒ පිලිබදව  මෙසේ සදහන් වී ඇත .

එකල මහා සම්මත නම් රජ දවස වාෂ නම් රජ බිසවට හටගත් දොල දුකක් සන්සිද විමට ඉදිරිපත්  කරන ලද කෝලම් නැටුම් හටගත් බවද එහි රංගනයට යොදා ගත් කෝලම් මුහුණු විශ්මකර්මයා ලවා ශක්‍රයා  විසින් සාදවනූ ලැබු බවයි ඉපැරැණි  පොත් පත් වල සදහන් වන්නේ. එලෙසම වෙස්මුහුණු බොහොමයක් කෝලම් නර්තන හා පහත රට නර්තනය සම්බන්ධව නිර්මාණය  වී ඇත .

 මෙලෙස  අතිතයේ නිර්මාණය වූ වෙස්මුහුණු අතර ගුරුලු ,නාග ආදි රාක්ෂ  මුහුණු  සතුරන්  බිය වැද්දීම සදහා  රාවණා යුගයේ  භාවිත  කල බවට ඒ පිලිබදව  තොරතුරු  සොයා යැමේදී අපිට  සොයා ගත හැකි  විය .

මෙලෙස  වර්තමානයේ භාවිත  වන විට වෙස් මුහුණු  කෝලම්  මුහුණු හා සන්නි වශයෙන්  ප්‍රධාන කොටස්  දෙකකට  බෙදා වෙන් කර දැක්විය  හැකිය.

ඒ අනුව කොලම් මුහුණු  සැලකිමේදී  එය ප්‍රධාන  වශයෙන්  නැවැත  කොටස්  දෙකකට  බෙදා වෙන් කර දැක්විය  හැකිය 

    ඒවා නම් රාක්ෂ  මුහුණු  හා කැට මුහුණු  වශයෙනි. කැට වෙස් මුහුණු ලෙස හැදින්වෙන්නේ මිනිස් මුහුණට සමාන කුඩා වෙස්මුහුණු වන අතරම රාක්ෂ මුහුණු  යටතේ  ගුරුළු රාක්ෂ, නාග රාක්ෂ, ගිනි රාක්ෂ, නාග රාක්ෂ, ගරා යකා ආදි මුහුණු  වර්ග නිර්මාණය  කරන  අතර මෙම  වෙස්මුහුණු නිවෙස් වල තබා ගැනිමෙන් වාසනාව හා ආරක්ෂාව මෙන්ම ඇස්වහ කටවහ හා ලෙඩ රෝග වලින් ආරක්ෂාව  උදා වන බව   ලාංකික පැරණි  ජනතාව විශ්වාස  කර ඇත.

01) නාග රාක්ෂ 

නයි පෙන හතකින් යුත්ත මෙම වෙස් මුහුණ නිවෙසේ තබා ගැනිමෙන්  සියලු අනතුරු වලින්  වැලකි සිටිමට හැකි බව පැරැන්නන් විශ්වාස කර ඇත.මෙමෙ වෙස් මුහුණ  ගුරුළු රාක්ෂ  ආදී ප්‍රතිවාදී කෝලම්  නර්තන වල දී බහුලව  භාවිත  කරයි.


02) ගුරුළු රාක්ෂ 

මෙම  වෙස්මුහුණු නාගයන්ගෙ දෂ්ඨ කිරිම් වලින් ආරක්ෂා වීමට ගම්බද  ජනතාව මෙම වෙස් කෝලම නර්තනය කරනු ලබන අතරම ගුරුලා යනු විශ්ණු දෙවියන් ගේ වාහනය  ලෙසට සැලකෙන අතර ගුරුලා යනු මිත්‍යා සත්ත්වයෙකි.


03)  ගරා යක් මුහුණ

කොලම් රටා සම්ප්‍රදායෙ එන එක නැටුම්  විශේෂයක් වන ගරා නැටුම නිවස් වල ඇස්වහ කටවහ දෝෂ  මග හැරිමට  නිවාස වල එල්ලා තැබිම පැරැන්නන් අමතක නොකලහ.



03) මයුර රාක්ෂ

නිවසකට සාමය සතුට සෞභාග්‍යය පතා මොණරකුගේ හැඩතල වලින් යුත්ත මෙම වෙස් මුහුණ නිවාස වල එල්ලා තැබිම පැරැන්නන්ගේ සිරිත විය 




05 ගිණි රාක්ෂ 

සතුරන් ගෙන් සිදුවන කරදර මග හැරි සාමය හා මිත්‍රත්වය බලාපොරොත්තුව සංඛේතවත් කරනු ලබන වෙස් මුහුණකි

මීට අමතරව යම රාක්ෂ, රත්නකූට රාක්ෂ , නීලග රාක්ෂ, මත රාක්ෂ, උරභ රාක්ෂ, දළ රාක්ෂ, තරග රාක්ෂ, ලෝකාධිපති රාක්ෂ, මරු රාක්ෂ, වීරබද් රාක්ෂ, නීලගිරි රාක්ෂ, අංගනදී රාක්ෂ, සිවු වටුක රාක්ෂ  ආදී රාක්ෂ  මුහුණු  දැකිය  හැකිය.

එලෙසම මීට අමතරව  යක්ෂ මුහුණු ලෙස කොට යකා, අභීත යකා, ගොබලු යකා, භෛරව යකා, මහසෝන් යකා, ආදි වශයෙන්  මුහුණු රාශියක් අපිට නිරික්ෂනය  කිරිමට හැකි විය.

එලසම කැට මුහුණු  හෙවත්  ප්‍රමාණයෙන් මිනිස් මුහුණට සමාන කුඩා මුහුණු  වලට උදහරණ ලෙස  සන්නි මුහුණු දැක්විය හැකිය.

විශේෂයෙන් වමනය ,භුත බැල්මෙන්,අමාශගත් රෝග  මානසික රෝග  මෙන්ම  භුත  බැල්ම නිසා ඇතිවෙන බිහිරි හා ගොළු බව මෙන්ම  වසංගත රෝග  තත්ත්වයන් මගින් ඇති කරන සෙම ,අපස්මාරය, වැනි රෝග වලින් වැලකීමට  හා ගම් වලට සෙත ශාන්තය පතා දහ අට සන්නිය නැටිමට යොදා ගන්නෙත් කැට වෙස් මුහුණු ය.

මෙලෙස  ප්‍රසිද්ධ  සන්නි  මුහුණු  ලෙස භුත සන්නි , මරු සන්නි, ජල සන්නි , ගුල්ම සන්නි, ගිනිජල සන්නි, වාත සන්නි, කණ සන්නි, ගොපලු සන්නි, දෙමළ සන්නි, දේව සන්නි, නාග සන්නි, කොල සන්නි ආදී  මුහුණු  මෙන්ම ,





භූති නාග රාජගුරුළු, නරසිංහ අවතාර නාරී තාල , නීල ගරම්, ආදී මිත්‍යා මුහුණු  මෙන්ම

නාග රාජ, නාග කන්‍යා, රාජ බිසව, ගිරි දෙවි, දළ කුමාරි, නීලකීර්ති, නාරි ලතා, වන්දු, සුසර වල්ලි, චිත්‍ර වල්ලි, ආදී දිව්‍යමය  මුහුණු මෙන්ම 

සභාපති, අඩබෙර, නොංචි අක්කා,පක්කිනි,ඩුංගරුව,හෙංච,ජසයා,ලෙංචිනා,මරක්කල හෙට්ටි,ලන්දෙස්සා,මුදල් ආරච්චි,හේවායා,පොලිස්,රජතුන් කට්ටුව,බිසව ගමයා වැනි කොලම් මුහුණු  ද 

 

සිංහයා ,කොටියා,බල්ලා,නරියා කිදුරා,කිදුරිය,වලහා ,අං තුනේ හරකා, ආදී සත්ත්ව යින් ද මෙමෙ කැට මුහුණු  වලට අයත් වේ.

Comments

Post a Comment